Monday 2nd of February 2026

English Tamil
Advertiesment


සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් දිවයිනට


2021-07-22 16677

 

(හේමන්ත තුසිත කුමාර)

 

බ්‍රහස්පතින්දා(22) අලුයම ශ්‍රී ලංකාවට චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් රැගත් ගුවන් යානා දෙකක් පැමිණ ඇත .

මේ අතර ඉදිරි සති දෙක තුළ තවත් සයිනොෆාම් එන්නත් ලක්ෂ 36ක් මෙරටට ලැබීමට නියමිතව ඇත. ඉන් ලක්ෂ 16ක් පරිත්‍යාගයක් වන අතර අනෙක් ලක්ෂ 20 මෙරට විසින් මිලදී ගනු ලැබූ ඒවා වේ. අද ලැබුණු එන්නත් තොගය හෙට දිනයේ සිට එන්නත්කරණය සඳහා පහත පරිදි දිස්ත්‍රික්ක වෙත බෙදා හැරීමට නියමිතය.

 ඒ අනුව 

කුරුණෑගල දිස්ත්‍රික්කය – මාත්‍රා 400,000

මාතර දිස්ත්‍රික්කය – මාත්‍රා 200,000

බදුල්ල දිස්ත්‍රික්කය – මාත්‍රා 200,000

රත්නපුර දිස්ත්‍රික්කය- මාත්‍රා 200,000

ගාල්ල දිස්ත්‍රික්කය – මාත්‍රා 275,000

හම්බන්තොට දිස්ත්‍රික්කය- මාත්‍රා 125,000

පුත්තලම දිස්ත්‍රික්කය – මාත්‍රා 100,000

පොළොන්නරුව දිස්ත්‍රික්කය – මාත්‍රා 100,000

නුවරඑළිය දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000

මොනරාගල දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000

අම්පාර දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000

මඩකලපුව දිස්ත්‍රික්කය- මාත්‍රා 100,000   ක් වශයෙන් අදාළ දිස්ත්‍රික්ක වෙත ලබා දෙනු ඇත.

Advertiesment